මුල් මාස හතරේ සංචාරක ආදායම 2025 ට සාපේක්ෂව 19.4 % කින් අඩුවෙයි ! පැමිණෙන සංචාරකයන් ප්‍රමාණයත් අඩු වෙයි !

පසුගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙරටට හිමි වු සංචාරක ආදායම 19.4 % කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව, 2025 වසරේ මුල් මාස හතරේ ඩොලර් මිලියන 1,379 ක සංචාරක ආදායම මෙම වසරේ මුල් මාස හතරේ දී සටහන් ව ඇත්තේ ඩොලර් මිලියන 1,111 ක ලෙසයි.

කෙසේ නමුත්, 2026 වසරේ මුල් මාස හතරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ද පසුගිය වසරට සාපේක්ෂව 20,607 කින් පහත වැටී ඇති අතර, මෙම පහත වැටීමට මූලික ම හේතුව මැදපෙරදිග ඇති වූ යුද ගැටුම් හේතුවෙන් යුරෝපා සංචාරකයන් ඇතුළු සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම හා ඒ හරහා ලැබෙන ආදායම් අඩු වීම බවයි අනුමාන කර ඇත්තේ.

මේ අතර, නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙනු ලබන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරකයන් 135,643 ක් මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන් හරහා ලැබුණු සංචාරක ආදායම ඩොලර් මිලියන 157.1 ක් ලෙස සටහන්ව ඇති බවත් ය. කෙසේ වෙතත් එය ද 2025 අප්‍රේල් මාසය හා සැසඳීමේ දී පහත වැටීමක් ලෙස සැලකිය හැකි අතර, 2025 වසරේ අප්‍රේල් මාසයේ සංචාරකයන් 174,608 ක් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් හරහා ඩොලර් මිලියන 256.7 ක් මෙරටට හිමිව තිබෙනවා.

මෙම වසර ආරම්භයේ සිට සිදුකරන ගණන් බැලීම් අනුව සංචාරකයකු විසින් මෙරට තුළ සිදු කරන දෛනික වියදම් කිරීම ඇමෙරිකානු ඩොලර් 171 සිට 148 ක් දක්වා පහත වැටීම ද මෙම ආදායම අඩු වීම සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading