කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ විමර්ශන සඳහා අරවින්ද ද සිල්වාගේ යාබද නිවෙස් දෙකක සීසීටීවී දර්ශන CCD ය භාරයට !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකසහිත ලෙස මියයාම සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණවලට අදාළව ඔහු මියයන විට රැඳී සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති නිවෙසට යාබද නිවෙස් දෙකක සීසීටීවී දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, කපිල චන්ද්‍රසේන අධිකරණයේ ඇප ලබා එම නිවසට පැමිණි අවස්ථාවේ සිට දේහය පොලිස් බාරයට රැගෙන යනතෙක් සීසීටීවී දර්ශන ඊට ඇතුළත් බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත්, එම සී.සී.ටී.වී. දර්ශන වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇති බව හා ඔහු මියගිය ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් වතුර බෝතලය, කඩදාසි කොළවල ඔතන ලද නම සඳහන් නොමැති ඖෂධ ඇතුළු දෑ ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රැඳී සිටි අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සීසීටීවී ඩීවිආර් යන්ත්‍රය ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading