සාධාරණ හේතුවකින් තොරව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කර අවසන් කර එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබනු ලැබුවා.
පෙත්සම්කරුවන් වන ශානි අබේසේකර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එන්.ප්‍රේමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදයකයින් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බවත්, ඒ හරහා සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දුන්නා.
මෙම පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කරනු ලැබුවා.
අනතුරුව, ලිඛිත දේශන ඇත්නම් අද සිට මාසයක කාලයක් තුළ ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන බවත් නියෝග කර සිටියා.
