රුපියල් ලක්ෂ 98 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අත්අඩංගුවට !

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ දී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 98 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන) ඉන්දික හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘User Management Module’ නම් මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් අනූ අට ලක්ෂ තිස් එක්දාස් දෙසිය පනහක (9,831,250) ක මුදලක් ගෙවා තිබියදී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ යි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading