කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට පැමිණි ව්‍යාජ ඇපකරුවන් තවදුරටත් රිමාන්ඩ්- වසරකට ග්‍රාම නිලධාරී සහතික 17ක් අරන්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අධිකරණයට ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ව්‍යාජ ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ ඔවුන්ව හඳුන්වා දුන් පුද්ගලයායි.

කෙසෙල්වත්ත පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බවයි.

ඒ අනුව, පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතුවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් එම සැකකරුවන් ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ.

මෙහිදී අනාවරණය වී ඇති තවත් සිද්ධියක් වන්නේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වූ කෙටි කාලය තුළ පමණක් එක් සැකකරුවකු අවස්ථා 10කදී සහ අනෙක් සැකකරු අවස්ථා 7කදී වශයෙන් විමර්ශනවලට අදාළ ග්‍රාම නිලධාරී සහතික ලබාගෙන ඇති බවයි.

Author

Related Posts