අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ, කාර්යාල සනීපාරක්ෂක කම්කරුවෙකු වන එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර යන අය අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඒ රුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ඉන් රුපියල් තිස්පන්දහසක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළවයි.
පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස්කර ගැනීමට අවශ්‍ය ඉඩමේ වටිනාකමට අදාළ තක්සේරු වාර්තාවේ ඉඩමේ වටිනාකම අඩුවෙන් සඳහන් කර ඒ සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තු මුදල ද අඩු කර සකස් කර දී ඊට අදාළ තක්සේරු වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් රු.50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා පසුව එම මුදල රු.35,000/- දක්වා අඩු කර අල්ලස් ලබා ගැනීම මෙම අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වී තිබේ.
අදාළ සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
