විද්‍යා හා තාක්ෂණ ඇමති රජයේ තීරණයට එරෙහිව පා ගමනේ

පළාත් සභාව විසින් අයදුම්පත් කැඳවීමෙන් පසු විධිමත් ලෙස සිදුකරන ලද විදුහල්පති පත්වීමක් සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේන විරෝධය දක්වමින් රජයේ තීරණයකට එරෙහිව කටයුතු කිරීම ප්‍රශ්නයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

සිය ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා ඇමතිවරයා ආණ්ඩුව දැනුවත්ව එය සිදුකරන්නක් විය හැකි බව හෝ ආණ්ඩුව නොදැනුවත්ව එය සිදුකරන්නක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ බාලිකා විද්‍යාලය සඳහා රජය පත්කරන ලද විදුහල්පතිවරිය ඉවත්කර එම විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා කතෝලික කන්‍ය සොහොයුරියක පත්කරන ලෙස ඉල්ලා මැයි 11 දින පැවැත්වූ පාගමනකට එක්වෙමින් ඊට පක්ෂව විද්‍යා හා තාක්ෂණික ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ පවා සටහනක් පළකර ඇත.

ඔහු එහි සඳහන් කරන්නේ වත්තල ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස හා විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඔහු එම සුවිශේෂි පා ගමන සඳහා එක්වූ බවයි. එමෙන්ම එම පා ගමන මගින් අපේක්ෂා කරන යුක්ති සහගත ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටීම හා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ආයතන සතු සදාචාරාත්මක හා සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත කරලීම කාලීන අවශ්‍යතාවයක් බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading