මෙතෙක් විපක්ෂය නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකු මැයි 12 වැනිදා පැවති එහි මාසික රැස්වීමේදී නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර්ට සහාය පළකරන බව දැනුම් දී තිබේ.
මොහොමඩ් මන්සිල්, ඉන්දික සංජීව ලියනගේ හා සුනන්ද ලියනපතිරණ යන නාගරික මන්ත්‍රීවරුන් එසේ සිය සහාය කොළඹ නගරාධිපතිනියට පළකර ඇත.
ඔවුන් අතරින් මොහොමඩ් මන්සිල් හා ඉන්දික සංජීව ලියනගේ ස්වාධීන කණ්ඩායම් වලින් කොළඹ මහ නගර සභාවට තේරී පත්වී ඇති අතර සුනන්ද ලියනපතිරණ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වී තිබේ.
