වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සඳුන් දැව නඩුවකට අදාළ නඩු භාණ්ඩයක් සොරාගැනීම සම්බන්ධ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ කාර්යාලයේ හිටපු රෙජිස්ට්රාර්වවරයෙකු ලබන මැයි 18 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරු ආර්.ඒ.සී.පී. අමරතුංග පසුගිය දා නියෝග කරනු ලැබුවා.
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සඳුන් දැව නඩුවකට අදාළ සඳුනේ දැව කොටයක් කිසියම් අයකු සොරකම් කර ඇති බවට ජනවාරි 09 වන දින පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදු කළ පරීක්ෂණ ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි වැලිමඩ පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ.
ඒ අනුව, එම සඳුන් දැව කොටය කුලී ගමන් යන ත්‍රිරෝද රථයකින් වැලිමඩ, හපුතලේ මාර්ගයේ කිලෝමීටර් 2 කණුව ආසන්නයේ පවත්වාගෙන යන දැව භාණ්ඩ සකසන තැනකට රැගෙන ගොස්, ඉන් චෛත්‍යයක් සකසා ඇති අතර, එලෙස සඳුන් දැවයෙන් නිමාකර තිබූ චෛත්‍යය ද පොලිස් භාරයට ගනු ලැබූ බවයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ.
කෙසේ නමුත්, මෙලෙස බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණයේ හිටපු රෙජිස්ට්රාර්වවරයෙකු වන එරංග සජිත් රණසිංහ නමැති සැකකරු දැනට අල්ලස් සිදුවීමක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.
තව ද මෙම එරංග සජිත් නැමති සැකකරුගේ උපදෙස් මත මෙම නඩු භාණ්ඩය සොරකම් කිරීමට කටයුතු කළ අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයකු වන මොහොමඩ් කරීම් මොහොමඩ් රෂාන් නමැත්තකු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටයි කටයුතු කරනු ලැබ ඇත්තේ
