නවලෝකයේ සිටි හේමරතන හිමි 12 දක්වා රිමාන්ඩ්!

අත්අඩංගුවේ පසු වූ ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමිව 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුව 12 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.

සැකකාර චීවරධාරියාව මැයි 8 වැනිදා රාත්‍රී කාලයේදී කොළඹ නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂාවට ලක් කළේ එම රෝහලේදී බව වාර්තා වේ.

කෙසේ වෙතත් සැකකාර චීවරධාරි පුද්ගලයාව වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු නවලෝක රෝහලේ තැබීමට නොහැකි බව වාර්තා වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading