කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනෙක් රිමාන්ඩ් ! රුපියල් 15000 ට ඇප තියන්න ඉදිරිපත් වෙලා !! සැකකරුට කිසිඳු සම්බන්ධයක් නැති බව හෙළිවෙයි !!!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙත අධිකරණය වෙතින් නියම කළ රුපියල් මිලියන සියයක ශරීර ඇප දෙකක් සඳහා මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත්වුයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කරනු ලැබුවා

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවේ කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, සාංචි ආරච්චවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නැමති සැකකරුවන් දෙදෙනෙකුයි.

ඒ අනුව, කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ, ලක්ෂ සියයක ශරීර ඇප තුනක් මත මුදාහල කපිල චන්ද්‍රසේන නැමැති සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් හෝ ඔහු හඳුනා ගැනීමකින් තොරව, රුපියල් 15000 බැගින් පොරොන්දු මුදලකට යටත්ව මෙලෙස එම දෙදෙනා ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.

ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකරුවන්ට නොහැකි තත්ත්වයක් ඇති බවත්, ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ මෙම දෙදෙනා සහ සැකකාර කපිල චන්ද්‍රසේන අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවට අධිකරණ නිලධාරීන් විසින් කරුණු තහවුරු කරගැනීමෙන් පසුව, පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ග්‍රාම නිලධාරී සහතිකයන් පිරික්සා බලා මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය වැඩිදුරටත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ත් අධීකරණය හමුවේ සඳහන් කර සිටියේ.

එහි දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී, තමන් ඇප තැබීමට ඉදිරිපත් වූයේ දේවා සහ තිස්ස නැමැති පුද්ගලයින් කළ ඉල්ලීමක් අනුව බවත්, ඇප තැබීම වෙනුවෙන් රුපියල් 15000 ක මුදලක් ලබාගෙන ඇති බවත් අනාවරණය වූ බවත්,  සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායමක් නොමැති බවත් හෙළි වී ඇති බවයි සඳහන් වූයේ.

මෙම සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කරනු ලැබුවේ, සැකකරුවන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හා ඔවුන් ග්‍රාම නිලධාරී වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම සලකා බලමින්, පසුගිය 05 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ 2013 වසරේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගනිමින් සිදු කළ ප්‍රශ්නත එයාර් බස් ගනු­දෙ­නුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.

Author

2 Comments

  • එතකොට කපිලගේ ඇප කොන්දේසි කඩ වෙනවා නේද…
    එසේනම් කපිලව නැවත අත්අඩංගුවට ගනීවිද…???

  • කපිල චන්දසේනයා කපිල උන්ඩුකපුච්ච වෙල ඉන්නෙ දැන්

Comments are closed.

Related Posts