විදුලි ගාස්තු සංශෝධනය යටතේ මෙම වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 18ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසිකර නව සමාගම් පිහිටුවීමෙන් පසු පිහිටුවන ලද නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම හෙවත් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇත.
එම අති විශේෂ ඉල්ලීම සම්බන්ධයෙන් වන මහජන උපදේශනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මැයි 06 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම අති විශේෂ විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ රජය විදුලිබල කර්මාන්තයට ශ්‍රී ලංකා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, එම සහනාධාරය විදුලි පාරිභෝගික කාණ්ඩ කිහිපයකට හිමිවන බවත්ය.
ඒකක 180 දක්වා පාවිච්චි කරන ගෘහස්ත, ආගමික හා සමාජ සේවා යන කාණ්වලට අයත් විදුලි පාරිභෝගිකයින්ට සහ කර්මාන්ත, හොටල් හා පොදු කාණ්ඩයේ සිල්ලර විදුලි පාරිභෝගිකයින්ට එම සහන හිමිවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලියවිල්ලේ සඳහන් වේ.
