මැගසින් සිරකරු ඝාතනය! පෙරෙට්ටුවේදී නිලධාරීන් තුන්දෙනාවම හදුනාගනී!

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නිලධාරීන් තිදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබීය. වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

තල්ගස් වත්තගේ සම්පත් කුෂාන්, මීගහගේ දොන් සුරේස් දර්ශන පෙරේරා සහ දිසානායක මුදියන්සේලාගේ උපුල් දිසානායක යන තිදෙනාව මෙලෙස හදුනාගෙන තිබුණි.

එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, අදාල බන්ධනාගාර නිලධාරීන් තිදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබීය. මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් අටදෙනාම විවිධ මට්ටමින් සැකකරුවන් හඳුනාගත් අතර, ඉන් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු විසින්ම සැකකරුවන් තිදෙනාම නිවැරදිව හඳුනා ගැනීම විශේෂත්වයකි. සෙසු සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් එක් අයෙකු හෝ දෙදෙනා බැගින් හඳුනාගෙන තිබේ.

මිනීමැරුම් චෝදනා යටතේ 76/766 දරන බී වාර්තාව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි. සැකකරුවන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

සිද්ධියේ පසුබිම: හෙරොයින් ග්‍රෑම් 14ක් ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.පී. තුෂාර සම්පත් (38) හෙවත් මංජු නමැති රැඳවියා, බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පහරදීමකට ලක්ව මියගිය බවට ඔහුගේ ඥාතීන් සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කර තිබුණි. මෙම පහරදීමෙන් තවත් රැඳවියෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර, මියගිය සම්පත්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තම සහෝදරයාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

බොරැල්ල පොලිසිය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් අටදෙනාම විවිධ මට්ටමින් සැකකරුවන් හඳුනාගත් අතර, ඉන් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු විසින්ම සැකකරුවන් තිදෙනාම නිවැරදිව හඳුනා ගැනීම විශේෂත්වයකි. සෙසු සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් එක් අයෙකු හෝ දෙදෙනා බැගින් හඳුනාගෙන තිබේ.

මිනීමැරුම් චෝදනා යටතේ 76/766 දරන බී වාර්තාව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි. සැකකරුවන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

ෙහෙරොයින් ග්‍රෑම් 14ක් ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.පී. තුෂාර සම්පත් (38) හෙවත් මංජු නමැති රැඳවියා, බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පහරදීමකට ලක්ව මියගිය බවට ඔහුගේ ඥාතීන් සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කර තිබුණි. මෙම පහරදීමෙන් තවත් රැඳවියෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර, මියගිය සම්පත්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තම සහෝදරයාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

බොරැල්ල පොලිසිය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading