ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක් ! වෙඩිවැදීමෙන් සිරකරුවෙකු රෝහල් ගත කරයි !!

ඊයේ (03) ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව, බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේ දී පලා යාම වළක්වා ගැනීම සඳහා නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් එක් සිරකරුවෙකුගේ උරහිස ප්‍රදේශයට වෙඩිවැදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

තුවාල ලැබූ එම සිරකරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන්ලි වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවසාන වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading