සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කරයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා‍.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළවයි මෙලෙස ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ.

කෙසේ නමුත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ නම් කර තිබීම විශේෂත්වයක්‍.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading