මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා, ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයෙන් විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 හැකර්වරයෙකුගේ ගිණුමකට බැර වී ඇති බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් පළ කරමින්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රශ්න කළ යුතු බවට තමා දැරූ දැඩි ස්ථාවරය සමඟ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ එකඟ වූ බවයි.
ඒ අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් එම සටහන මඟින් පෙන්වා දෙනු ලබන්නේ.

වෙන්නම ඔන වැඩක්. තමතමන් නිවැරදිනම්, හරි ක්‍රියාමාර්ග අරගෙන නම් කළබල වෙන්න දෙයක් නෑනේ. තිබ්බ විදිහ, දැන් කරන විදිහ, ඉස්සරහට වැරදි හරිගස්සන හැටි ඔක්කෝම ඇවිත් කියත ඇහැකි.