පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ නඩුවේ දී පූජිත් ජයසුන්දර කළ ඉල්ලීම අධිකරණයෙන් දොට්ට !

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර ඇති නඩු කටයුත්තේ දී, විත්ති කූඩුවේ සිට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස පූජිත් ජයසුන්දර කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (24) එම නඩුව යළි කැඳවූ අවස්ථාවේ දී යි විනිසුරු ප්‍රියන්ත ලියනගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස අදාළ ඉල්ලීම ඉවත දැමීමට නියෝග කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැරීම සම්බන්ධයෙන් වන චෝදනා යටත‌ේ ක්‍රියාත්මක වන මෙම නඩුවේ, විත්තියේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading