පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 011 52 026 126 ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් කිසිම පාර්ශ්වයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්න බවට හා මූල්‍යමය වංචා සිදුකරන බවට තොරතුරු වාර්තාවී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා තොරතුරු ලියාපදිංචි කරන ගන්නා බව පවසමින් මෙම ක්‍රියාවලිය අදාළ පිරිස විසින් සිදු කර ගෙන යන බවයි නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනු ලබන්නේ.
+94 11 52 26 126, +011 52 26 126 යන දුරකථන අංක මඟින් හා 077 11 67 739, 074 27 56 098 යන ජංගම දුරකථන අංක භාවිතයෙන් මෙම වංචනික ක්‍රියාවන් සිදු වන බවයි වැඩිදුරටත් එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ.
කෙසේ වෙතත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාව වෙත අවධාරණය කරනු කරන්නේ, ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා එවැනි කිසිඳු ලියාපදිංචියක් මේ දිනවල සිදු නොකරන බවත්, මෙලෙස ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා තොරතුරු ලබා නොදෙන ලෙසත් ය.
තව ද , දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යන වෙබ් ලිපිනය සහිත දෙපාර්තමේන්තු වෙබ් අඩවියක් භාවිත කරමින් තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එලෙස තොතරතුරු ලබාදීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙතින් ඉල්ලා සිටිනු ලබනවා.
