හිරුට එරෙහි ලාල්ගේ පැමිණිල්ල අද විභාගයට ! ලාල් විතරක් නෙවෙයි CEYPETCO සභාපතිත් පැමිණිලි කරලා තියෙනවා – ඇමති නලින්ද

 “ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’  රූපවාහිනි නාලිකාවට එරෙහිව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ඉදිරිපත් කළ පැමිණිල්ල අද (23) දිනයේ දී සලකා බලන බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින්, එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ, ජනමාධ්‍ය අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ නමුත්, හිරු ටීවී ආයතනයට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් යේ පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ, හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව මේ වන විට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පමණක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ය.

ඒ අනුව යම් මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රවෘත්ති පළ කිරීමේ දී පුරවැසියෙකුට අසාධාරණයක්, චරිත ඝාතනයක් හෝ ප්‍රතිරූපයට හානියක් සිදු කරන්නේ නම්, ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අයිතිය අදාළ පාර්ශ්වයන්ට පවතින බවත්, රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේදී එකඟ වූ කොන්දේසි පද්ධතියක් පවතින බව හෙයින් ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකයට බලපාන කරුණු, ජනතා සෞඛ්‍යය හා සම්බන්ධ වාර්තාකරණය සහ ජාතික සමගිය සහ සංහිඳියාව පළුදු වන අයුරින් කටයුතු කිරීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර බවත් ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

හිරු රූපවාහිනී නාලිකාව සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් ඊයේ (22) පස්වරුවේ “ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලයි” යන ලිපි ශීර්ෂය යටතේ පැමිණිල්ලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

තමා විසින් ස්වේච්ඡාවෙන් හෙළි කරන වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කරගනිමින්, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ ඇති හිරු ටීවී රූපවාහිනී නාලිකාව විසින් 2026.04.16 වන දින (හෝ ආසන්න දිනක) කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පළ කර ඇති බවත්, එම අසත්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් තමාගේ කීර්තිනාමයට විශාල හානියක් හා තමා සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ජනතාව අතර ඇති වී ඇති බවත්, එය නිවැරදි කිරීමේ දී නිසි ආකාරයෙන් සිදු නොකළ බවත් අමාත්‍යවරයා විසින් අදාළ මාධ්‍ය නාලිකාව වෙත එල්ල කරනු ලැබූ එම චෝදනා අතර වනවා.

Author

Related Posts