පළමු කාර්තුවේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය බිලියන 2 ඉක්මවයි ! පසුගිය වසරට සාපේක්ෂව 26.5 %ක වර්ධනයක් !!

විගමනික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාව වෙත එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ දී 26.5 % කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, ජනවාරි මාසයේ ඩොලර් මිලියන 751 ක්, පෙබරවාරී මාසයේ ඩොලර් මිලියන 729 ක් හා මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 815 ක් වන ලෙස ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294 ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.  

කෙසේ නමුත්, 2025 වසරේ පළමු කාර්තුව තුළ ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815 ක් වන අතර, ඒ අනුව සැසඳීමේ දී මෙම වසරේ පළමු කාර්තුව තුළ ඩොලර් මිලියන 479 ක දැවැන්ත වර්ධනයක් දැක ගත හැකි වීම විශේෂත්වයක්.

මෙම ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාමට හේතුව, රාජය මුල්‍ය තත්ත්වය පිළිබඳව පවතින විශ්වාසය හා විනිවිදභාවය මෙන්ම නිත්‍යානුකූල මාර්ග හා ක්‍රමවේද භාවිතා කිරීමට කාර්යාංශය විසින් උනන්දු කරවිම බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Author

Related Posts