අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ, රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටිය දී වාහනයක් ඉවත් කර නොගැනීම සම්බන්ධ කරුණක් හරහා හටගත් බහින්බස් වීමක් අතරතුර, නුවරඑළිය රෝෂන්බර්ග් හෝටලයේ අයිතිකරු වෙත ගිනිඅවියක් පෙන්නමින් තර්ජනය කිරීීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
කෙසේ නමුත්, නයින් මිලිමීටර් වර්ගයේ එම ගිනි අවිය 2025 ජනවාරි සිට අවුරුද්දක කාලයක් දක්වා පමණක් ලියංපදිංචි කර ඇති බවත්, එය මෙම වසරේ ජනවාරි 23 වන දිනෙන් කල් ඉකුත් වී ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබූ බවත්, අත්අඩංගුවට පත් අය විසින් පීඩීඑෆ් එකක් පෙන්වමින් එම බලපත්‍රය යළි නැවත අලුත් කළ බව පවසන නමුත්, එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තහවුරු කරගත යුතුව පවතින බවත් පොලිස් ආරංචි මාර්ග ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරනු ලැබුවා.
ඒ අනුව, ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීම යන වරද මෙලෙස අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.
