සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) රුපියල් හතළිස් එක් ලක්ෂයකට අධික අල්ලසක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය අහමඩ් රියාසා අහමඩ් නැමැති විශ්‍රාමික නිලධාරිනියකි.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරිවරිය ලෙස කටයුතු කළ සමයේ “මෙඩි හවුස්” නැමැති ගොඩනැගිල්ල අමාත්‍යාංශය වෙත බදු පදනම මත ලබා ගැනීමට මැදිහත් වී ඇති බවයි.
අනතුරුව එම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සඳහා අදාළ බදු ගිවිසුම් තුනක් සකස් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු ලෙස පවසමින් ඇය රුපියල් 4,134,887/- ක මුදලක් ඉල්ලා ඇත.
ඇය විසින් ඉල්ලා සිටි මුළු මුදලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් මීට පෙර ලබාගෙන ඇති අතර ඉතිරි මුදල් ලබා දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම්වලට අනුව, “මෙඩි හවුස් පුද්ගලික සමාගම” නමින් මහජන බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකින් නිකුත් කළ රුපියල් ලක්ෂ 05ක චෙක්පතක් මුදල් කර ලබා ගනිමින් සිටියදී ඇය හසු වී ඇති බව පැවසේ.
තුටු පඬුරු ඉල්ලීම සහ භාර ගැනීම යන චෝදනා මත 2026 අප්‍රේල් 21 වන දින පස්වරු 3.45 ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

