AI හුටපටේ ගැන සජිත් හෙට පාර්ලිමේන්තුවේදී කියනවාලූ!

උදය ගම්මන්පිල විසින් රචනා කළ ‘පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යෑම‘ කෘතිය එළිදක්වන මොහොතට තමා සහභාගී වීම ගැන පැහැදිලි කිරිමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අප්‍රේල් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරිමට නියමිතය.

පසුගිය සතියේ පැවති එම පොත් එළිදැක්වීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම ඔහුගේම දේශපාලන කදවුරේ විවේචනයට හේතු වී තිබුණි. සජිත් ප්‍රේමදාස මහතා උත්සවයේ ආරම්භක මොහොතේ සිට කෙටි වේලාවක් සභාවේ රැදී සිට පිටව ගොස් ඇති අතර පොත පිළිගන්වන අවස්ථාව දක්වා ඔහු රැදී සිට නැත. කෙසේ වෙතත් ඔහු සභාවේ රැදී සිටින අයුරු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සමීපව හිද කතාබහ කරන අයුරු සමාජ විවේචනයට ලක් විය.

මේ පිළිබද පැහැදිලි කරමින් සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා තිබුණේ පොතේ ඇති කරුණුවලට එකග නොවුණද පොතේ ඇත්තේ කුමක්දැයි දැනගැනීම සදහා උත්සවයට සහභාගි වූ බවය.

කෙසේ වෙතත් එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ ජගත් විතාන ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට ඉඩක් නැති බවය. ඔහු සහභාගී වූ බවට හුවමාරු වූ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදා සකස් කර ඇති බව ඔවුන් පැවසීය.

මේ අතර සජිත් ප්‍රේ‍මදාස සහභාගී වූ මෙම පොත් එළිදැක්වීමේ උත්සවයෙන් පසු පොතේ කතෘ උදය ගම්මන්පිල විසින් එම කෘතිය විවේචනය කළ නිසා, මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයිඑස් සම්බන්ධතා ඇතැයි උදය ගම්මන්පිල මහතා චෝදනා කරන ලදී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading