ආණ්ඩුවේ නැකැත් පත! සුනිල් සෙනෙවි මහානායකලාට දීලා

රජය විසින් සැකසූ අලුත් අවුරුද්දේ නැකැත් පත මහානායක හිමිවරුන්ට ලබා දී තිබේ.

ඒ පිළිබද බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය මාධ්‍ය වෙත එවන ලද සටහනක මෙසේ සදහන්ය.

‘ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද උදෑසන (මාර්තු 17) ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබිණ.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජනීය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ
අතිපූජනීය නාරම්පනාවේ ආනන්ද අනුනායක මාහිමිපාණන්වහන්සේ
වෙත එකී නැකැත් සීට්ටුව පිළිගැන්වීමේ අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන අය සහභාගි වූහ.

ඉතා ම විවාදාපන්න ව තිබූ අවස්ථාවක් මනා ලෙස කළමනාකරණය කරගෙන රටෙහි මහජනයා අවිනිශ්චිතතාවෙන් මුදවාලීමට කටයුතු කිරීම පිළිබඳ ව උන්වහන්සේලා රජය වෙත ප්‍රසාදය පිරිනැමූහ.‘

මාර්තු 16 වැනිදා මේ පිළිබද ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා තිබුණි.

‘මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිබඳව විවිධ පාර්ශ්වයන් අතර නො එකඟතා පැවැති අතර, එකී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (මාර්තු මස 16) අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එහි දී එකී සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් එළිදැක්වීමට එකඟ විය.

මීට පෙර ද මේ පිළිබඳව සාකච්ඡා කිහිපයක් ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වූ නමුත් ඒ සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් කිහිපයක් අතර මෙම අලුත් අවුරුදු නැකැත් පිළිබඳ මත ගැටුමක් ඇති විය. එය මේ වන විට එකඟතාවක් බවට පත් කිරීමට මෙකී සාකච්ඡාව වටය හේතුවක් වී තිබේ.

එකී පාර්ශවකරුවන්ට මෙම එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ හෘදයංගම ස්තුතිය මින් පිරිනැමේ.‘

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading