දිනපතා මව්බිම සහ Ceylon Today පුවත්පත් වසා දමයි !

මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන මව්බිම පුවත්පත හා එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වන Ceylon Today පුවත්පත හදිසියේම වසාදැමීමට තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් මෙම පුවත්පත් ආයතනය, අද (04) වෙළෙඳපොළට නිකුත් කළ එම පුවත්පත් ද්විත්වයෙහිම මුල් පිටුවල සඳහන් කර තිබුණේ, මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවත්, මුද්‍රිත පුවත්පත් වෙළඳපොළ වෙත නිකුත් නොකරන බවත් ය.

කෙසේ නමුත්, සතිඅන්ත මවුබිම හා Ceylon Today යන පුවත්පත් තවදුරටත් මුද්‍රණය කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන්, ආයතන සේවකයින් ද දැනුවත් කර නොමැති බවත්, ඔවුන් බහුතරයක් මෙම තීරණය පිළිබඳ දැනුවත් වී ඇත්තේ අද දින අදාල නිවේදනය සඳහන් පුවත්පත දැකීමෙන් අනතුරුව බවත් ආරංචි මාර්ග සඳහන් කරන අතර, මේ හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව මවුබිම පුවත්පතෙහි මාධ්‍යවේදීන් හට හිඟ වැටුප් තවමත් ලබා නොදීමේ සිද්ධි මෙන්ම වසර ගණනාවකින් සේවක අර්ථසාධක අරමුදල්ද බැර කර නොමැති බවට ද එහි සේවකයින් චෝදනා කරනු ලබනවා‍.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading