ජයරත්නලාට එරෙහිව ඍජු තීන්දුවක්! අම්බුළුවාවේ ඉදිකිරීම් නවත්තන්න නියෝගයක්!

දැනට අනුරාධ ජයරත්න ප්‍රමුඛ ජයරත්න පවුල විසින් පාලනය කරන අම්බුළුවාව කන්දේ පවතින අවදානම් තත්ත්වයන් පිළිබඳව විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබා ගන්නා තුරු, එහි සිදු කෙරෙන සියලුම ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇත.

ජනවාරි 09 දින පරිසර අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සඳහන් වේ.

අම්බුළුවාව පාරිසරික කලාපය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පිළිබඳව එම ලිපියේ වැඩිදුරටත් පහත කරුණු අනාවරණය කර ඇත:

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ.

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, මෙම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව ඉදිරියේදී අම්බුළුවාව පාරිසරික කලාපයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමට නියමිතය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading