නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන්.
එලෙසම හිටපු අග්රාමාන්යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැනි බිරිඳ ඝානනය කිරීම අනිශය ශෝකජනක තත්ත්වයක් බවත් ඒ සම්බන්දයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
එසේම ඇමනිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගවක් බව පවසන ඔහු එමගින් කාන්නා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය වි තිබෙන බව නිවේදනයේ සඳහන් කර සිටි.
මෙවැනි ක්‍රියා මගින් නේපාලයේ කීර්ති නාමයට පහර වදින බවත් එය අවනම්බුවක් බවත් රනිල් මහතා සඳහන් කරනවා.
කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තත්වයක් නොවන බව පවසන රනිල් මහතා පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකි බව සිය නිවේදනයෙන් කියා සිටිනවා.
ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම් වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක් සේරු කළ නොහැකි බවද සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවති නමුත් ඒවාට රජයේ අවධානය යොමු නොවු බව සඳහන්.
එහිදි ඔහු සිය නිවේදනයෙන් පවසන්නේ සෑම අයෙකුම දකුණු ආසියානු සම්ප්රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීමක් සිදු නොකල හෙයින් තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබු බවයි.
එවන් පසුබිමක සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගිය බවත් සිය නිවේදනයෙන් හිටපු ජනපතිවරයා පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්රජාතන්ත්රවාදී ආයතන ලෙස සැලකෙන්නේ ඒවා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවන බවත් පාර්ලිමේන්තුවටන්, අධිකරණයටත් ගිනි තැබීම් නේපාලයේ ප්රජාතන්ත්රවාදයට කළ විශාල අගෞරවයක් බවත් එහි සඳහන්.
අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම බවත් එම නිවෙදනයේ සඳහන්.
බුදුරජාණන් වහන්සේ උපත ලැබූ රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි වුවත් රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යැයි සිතීය හැකි බව රනිල් මහතාගේ නිවේදනයේ සඳහන් වනවා.
අවසන් ලෙස හිටපු ජනපති සිය නිවේදනයෙන් පවසන්නේ බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

