නියෙලිනි සමුළුවට පැමිණි ප්‍රකාශ් රාජ්

නියෙලිනී ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රවීණ කොලිවුඩ් රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් මහතා ඊයේ (07) දිවයිනට පැමිණියා.

ඒ නියෙලිනී ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහායි.

නියෙලිනී සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සිට මහනුවරදී පැවැත්වෙනවා.

එම සමුළුව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටවල් 102 ක විද්‍යාඥයන්, ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඔහු පැමිණෙන අවස්ථාවේ පිළිගැනීම සඳහා Father චිත්‍රපටියේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

Author

Related Posts