ඉන්දියාවට සංක්‍රමණය වු ලාංකික දෙමළ ජාතිකයින්ට නිදහසක්

ඉන්දියාවට සරණාගතයන් ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට සංක්‍රමණ නීතිවලින් නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන බව THE HINDU පුවත්පත වාර්තා කරනවා .

එරට ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

එම ශ්‍රී ලාංකිකයන් සමඟ බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථාන ජාතිකයන් පිරිසකට ද මෙම සහනය හිමිව තිබෙනවා.

අදාළ අමාත්‍යාංශය පවසා ඇත්තේ 2015 ජනවාරි 09 වැනිදාට පෙර මොවුන් ඉන්දියාවට ගොස් සිටි බවයි.

මේ අනුව ඔවුන් වලංගු විදෙස් ගමන් බලපත්‍ර, ලියකියවිලි හෝ වීසා නීතිවලින් නිදහස් වනවා.

මොවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස තවදුරටත් සැළකෙන්නේ නැහැ.

කෙසේවෙතත් 2015 දෙසැම්බර් 16ට පෙර විධායක නියෝගයක් මගින් 2015 ජනවාරි 09ට පෙර ශ්‍රී ලාංකික සරණාගතයන්ට වීසා ගාස්තු සහ අතිරික්ත කාලයක් වාසය කිරීමේ දඩ මුදල් පැනවීම අත්හිටුවීමටයි තීරණය කෙරුණා.

මේ වසරේ අප්‍රේල් මාසයේදී බලාත්මක කෙරුණු ඉන්දියාවේ ආගමන විගමන නීති යටතේ විදේශිකයන් පැමිණීම, ගුවන් ගමන් බලපත්‍රයක් හෝ වලංගු ලියකියවිලි නොමැතිව සිටීම ඉන්දීය රුපියල් ලක්ෂ 5ක දඩයක් පැනවීමට හෝ පස්වසරක සිරගත කිරීමට හෝ එම දඬුවම් දෙකම ලැබීමට හේතු වී තිබෙනවා.

Author

Related Posts