එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ(02)තීරණය කර තිබෙනවා.
කොළඹ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළා.
කෙසේවෙතත් කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබුණා.
