රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකව ඝාතනය කිරීමට සැලසුම් කල පුද්ගලයෙක් ඊයේ (02) මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගෙන නදුන් චින්තකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත් බවයි.
එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයෙක්.
