හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ගැනීම වෙනුවෙන් එළියට ආ ලෙඩ හේතුවෙන් ඔහුගේ ඉතිරි දේශපාලනය ද සම්පූර්ණයෙන් ම ඉවර වූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ යනු ලෙඩ ඇඳක සිටිය යුතු දේශපාලනයට සුදුසු නැති පුද්ගලයෙක් බව ඔප්පු වූ බව අමාත්‍යවරයා පවසා සිටියා.
විශේෂයෙන් ම, මේ වන විට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් එක් වූ විපක්ෂයේ පිරිසගේ මුහුණු දකින විට කොපමණ බලා සිටියත් එපා නොවන පුද්ගලයින් රැසක් ඒකරාශී වී සිටින බවත් රට විනාශ කිරීමට දායක වූ පිරිස ඒ අතර සිටින බවත් ඔහු පැවසුවා.
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් පසු කලබල වූ වැඩි දෙනෙක් විවිධ වංචා , දූෂණ වලට චෝදනා ලද අය බවත් රටේ නීතිය ඔවුන් පසුපස පැමිණෙන බව දන්නා හෙයින් ඔවුන් මෙසේ සියල්ල ඒකරාශී වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
