රනිල්ට ඇප

රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරිමට කොළඔ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අද (26) නියෝග කළා.

ලක්ෂ 50ක ශරිර ඇප තුනක් මත මෙලෙස ඇප නියම කර තිබුණේ වර්තමාන රෝගි තත්වය සලකා බලමින්.

අද පස්වරු එකට පමණ ඔහුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

ඒ කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටන අතරතුරයි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දැක්විම සිදු කළා.

එහිදි ඇප ඉල්ලමින් නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල ජීවිත අවදානමක් පවතින බවයි.

වික්‍රමසිංහ මහතාගේ හෘදයේ පටක මියයාමේ තත්වයක් පවතින බවත් හෘදයේ ධමනි හතරෙන් තුනක් අවහිර වි ඇති බවට වෛද්‍ය වාර්තා මඟින් සනාත වි ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියා.

ඉන් එකක් සියයට සියයක්ම අවහිර වි ඇති බව නිතිඥවරයා පෙන්වා දුන්නා.

මිට අමතරව අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවේ වික්‍රමසිංහ මහතා වකුගඩු රෝගි තත්වයෙන් , අධිරුධිර පීඩනයෙන් පෙලෙන බවයි.

තවද අවධානම් මට්ටමේ දියවැඩියා තත්වයක්, අග්‍යාශයේ ඉහළ කොටසේ ආසාදිත තත්වයක් සේම ශරිරයේ සෝඩියම් අඩුවිමේ තත්වයක් හා පෙනහලුවල ආසාදිත තත්වයක් තිබිම නිසා ප්‍රතිශක්තිකරණය අඩු බවත් පෙන්වා දුන්නා.

මෙම සුවිශේෂි කරුණු සැලකිල්ලට ගනිමින් ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඇප ලබාදිමට විරුද්ධ වෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විම සිදු කළා.

ඉදිරිපත් වු කරුණු සියල්ල සළකා බැලිමෙන් පසු කොළඔ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ඇප ලබාදිමට නියෝග කළ අතර මෙම නඩුව ඔක්තෝම්බර් 29 කැඳවිමට නියෝග කළා.

රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත්තේ, රජයේ මුදල් වලින් සිදු කළායැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා මත කෙරෙන විමර්ශනයට අදාළවයි.

2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

Author

Related Posts