අදත් වෙඩි තියලා

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර තිබෙනවා.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Author

Related Posts