දේශපාලනය කරනවා නම් සිරගතවීම් උරුම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මෙ බව පවසා සිටියා.
එමෙන්ම දේශපාලන නායකයින්ව සුළු සුළු වැරදිවලට සිරගත කිරීම ඉතා වැරදි සහගත දෙයක් බවත්, ඒ පිළිබඳව තමා කණගාටුවට පත්වන බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී පැවසුවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“එයාට ඉතින් හැමදාම තිබ්බ අසනීප ගති විතරයි තියෙන්නේ. එහෙම විශේෂ අසනීපයක් නෑ මං හිතන්නේ…එතුමා ඕක එච්චර ගන්නේ නෑ මට පේන විදිහට. දේශපාලනය කරනවා නම් මේක උරුමයි. ඉතින් එතුමාටත් උරුමයි. එතුමා ඒකට මුහුණදෙනවා..ඇත්තටම මට කනගාටුයි දේශපාලන නායකයෝ මේ වගේ පොඩි පොඩි දේවල්වලට අල්ලලා හිර ගෙවල්වලට දාන එක නම් වැරදියි කියලා තමයි මම හිතන්නේ. මේවා දේශපාලන පළීගැනීම්.අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…””
