මාධ්‍යවේදි ලසන්ත, කීත් නොයාර් සිද්ධි විමර්ශනය කර අවසන්

සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර තිබෙන බව මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇතැයි පැවසු ඇමැතිවරයා කාලයේ වැලිතලාවට යට වූ එම සිද්ධි පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බව කියා සිටියා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වනවිට විභාග කරන බවත් එහි සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බ්‍රිගේඩියර් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළා.

Author

Related Posts