හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
ඒ අනුව හිටපු ජනපතිවරයා ප්රකාශයක් ලබාදිමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුව තිබෙනවා.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.
අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.
