බොරැල්ලෙන් පාර ගිලා බැහැලා!විකල්ප මාර්ග භාවිත කරන්න

බොරැල්ල – කොළඹ පාර ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසනවා.

කොළඹ දෙසට ගමන්කිරිමේ මංතීරුවේ රථවාහන ධාවනයට බාධා එල්ලවි තිබෙන බවයි පැවසෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

ඒ අනුව විකල්ප මාර්ග,

මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.

• රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.

• කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජවර්ධනපුර මාර්ගයට පිවිසිය හැක.

Author

Related Posts