සිය ඉල්ලිම්වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් සිව්වන දිනටත් අද(21) දිනයේද වැඩ වර්ජනයේ නිරතවනවා.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.
වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (20) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරනවා.
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි.
