පෝට් සිටියේ සමාගමකට ලක්ෂ 5ක දඩයක්

බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ පුද්ගලික සමාගමකට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා තිබෙනවා.

අදාළ සමාගම රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නඩුව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (20) කැඳවනු ලැබුවා.

එහිදී ඔවුන් සිය වරද පිළිගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් ජූලි 16වනදා අදාළ වෙළඳසැල පරීක්ෂාවට ලක්කර තිබු අවස්ථාවේ දී අදාළ වෙළෙඳසැල මගින් රුපියල් 70ක් ලෙස මිල සඳහන් කර තිබූ මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවිකර තිබුණා.

2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70ක් ලෙස නියම කර තිබෙනවා. 

ඒ අනුව රු. 200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

Author

Related Posts