ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
මෙහිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය ප්රකාශ කළේ ඔහු ගමන් කල වාහනයට එල්ලවු වෙඩි ප්රහාරය සංවිධානාත්මක අපරාධකරුවන් යොදවාගෙන තුසිත හල්ලොලුව මහතා විසින්ම සිදු කරගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා හා රජය කෙරෙහි ජනතා අප්රසාදය ඇති කිරිමේ අරමුණින් මෙය සිදු කර ඇතැයි මුලික පරික්ෂණ වලදි හෙලිව තිබෙන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
ඔහුගේ වාහනයට පහරදිම සහ වෙඩි තැබිමේ සිද්ධීය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සැකකාර තුසිත හල්ලොලුව මහතා අද අලුයම අත්අඩංගුවට ගැනුනා.
ඒ වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකයි.
