තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ පවසනවා.
අද (19) කැබිනට් තීරණ දැනුම්දීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව, අදාළ තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බවයි.
ඉහත තීරණ සමඟ යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති තැනක ගොස් රැකියාවක් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම තැපැල්පතිවරයත් එක්ක ඊළඟට අපි අමාත්‍යංශ ලේකම්තුමත් එක්ක මේ ගැන සාකච්ඡා තිබුණා. මම දැකපු හැටියට ඔවුන්ට ඒ සාකච්ඡාවලින් ඒ ප්‍රශ්න විසඳා ගැනීමේ එතරම් ඕනවක් තිබුණේ නැහැ. මොකද ඉල්ලීම් 19 ඇතුලේ තිබුණ ඉල්ලීම් 14ක්ම මේ වන විටත් එක්කෝ අපි විසඳලා එහෙම නැත්නම් විසඳමින් ඉන්නවා. ඒ වගේ අවස්තාවක් සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක දුරක් ගිහින් තියෙන්නේ.ඒ වගේම බඳවා ගැනීම පහුගිය අවුරුදු හතේ අටේ වෙන්නේ නැති දේවල් අපි දැන් කරමින් ඉන්නවා. ඒවාට අදාළ කරන කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. කමිටු අනුමැතිය ලබාගෙන තියෙනවා. බඳවා ගැනීම් සඳහා ඉන්ටර්වීව් පැවැත්වෙනවා. එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ අයත් මේක දන්නවා. ඒ වගේම තව තිබෙනවා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන ප්‍රමාණය වැඩි කරන්න. අපි ඒකට රු.250ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය වෙනවා, ඩිජිටල්කරණය වෙනවා සහ අලුත් තැපැල් කාර්යාලවලට මුල් ගල් තැබෙනවා. මුදල් වෙන් කරලා තියෙන්නේ ඒකට මිලියන 600 ක්. තව තැපැල් කාර්යාල ප්‍රමාණයක් නවීකරණය කරන්න මිලියන 700ක් වෙන් කරලා තියෙනවා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවට මීට කලින් නොලැබුණු මැදිහත්වීමක් මූල්‍ය පැත්තෙන් සහ තාක්ෂණ පැත්තෙන් කරමින් ඉන්නවා. ඒ නිසා මේ ඉල්ලීම් 19න් 17ක්ම අපි ඉටු කරමින් ඉන්නේ. ඉතින් කවදා ඕන වෙලාවක වාහන අඩුයි කියන එක, සේවකයෝ මදි කියන එක කවදත් ගන්න පුළුවන් සටන් පාඨ. ඒවා විසඳලා ඉවර කරන්න පුලුවන් දේවල් නෙවෙයි. දැන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. දෙකෙන් එකක් තමයි අතිකාල සම්බන්ධයෙන්. ඒ කියන්නේ රජයේ සමස්ත රජය සේවකයින්ට 2025 අප්‍රේල් පළවෙනිදා සිට මූලික වැටුප් වැඩීමක් කළා. ඒ මූලික වැටුප් වැඩිවීමේ පළවෙනි කොටස අප්‍රේල් ලැබෙනවා. ඊළඟ කොටස ලැබෙනවා එළඹෙන ජනවාරි වල ඉදන්. ඊලඟ කොටස ලැබෙනවා 2027 ජනවාරි වල ඉදලා. ඒකෙදී කිසිදු කෙනෙකුට අසාධාරයක් වුණා කියලා කියන්න බෑ. කවුරුත් ඉල්ලන්නෙ නැතුව හොඳ මූලික වැටුප් වැඩිමීමක් රජය ලබා දුන්නා. ඒ මූලික වැටුප් වැඩීම මත පදනම්ව අති කාල ගණනය කරනවා. එතකොට අප්‍රෙල් මාසය ලැබිච්ච මූලික වැටුප් වැඩිවීමේ පළවෙනි කොටස නෙවෙයි ලබන ජනවාරි ලැබෙන දෙවැනි කොටස මත පදනම් වෙලා නෙවෙයි 2027 ජනවාරි මාසයේ අතට ලැබීමට නියමිත සම්පූර්ණ මූලික වැටුපට අදාළව තමයි අප්‍රේල් මාසේ OT හැදෙන්නේ.”
