අපේ නිලධාරීන් අපි යහමගට ගන්නවා!පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ශ්‍රි ලංකා පොලිසියේ සිටින නිළධාරින්ගෙන් අතලොස්සක් පමණ පිරිසක් දූෂිත මෙන්ම සමාජ විරෝධි කටයුතුවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවේදි මාධ්‍යවේදියෙකු විසින් නගනලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදි වුට්ලර් මහතා පැවසුවේ සියලු මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරින්ගේ සියලුම වත්කම් බැරකම් ප්‍රකාශයක් සෑම වසරක ලබා ගන්නා බව සඳහන් කළා.

පොලිස් ස්ථානාධිපතිවරුන්, නිති විරෝධි ලෙස යම්කිසි ලෙසකින් උපයාගත් දෙයක් පිළිබදව තොරතුරක් ලදහොත් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එෆ්.යූ. වුට්ලර් මහතා,

ශ්‍රි ලංකා පොලිසියේ මේ වන විට 82,000 පමණ පිරිසක් ඉන්නවා.මේ පිරිසෙන් අතලොස්සක් දූෂිත අනිතික සමාජ විරෝධි කටයුතුවල නිරත වෙනවා.මේ අපේ පොලිස්පතිතුමාගේ පත් විමත් සමඟ කිසිදු නිලධාරියෙකු කරන කිසිදු අනිතික දූෂිත ක්‍රියාවලියකට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.පොලිසිය විසින්ම පොලිසියේ සිටින දූෂිතයින්ව අත්අඩංගුවට ගැනිම සිදුකරනවා.මේ කිසිදු නිළධාරියෙකු අපි කිසිදු රටකින් ආනයනය කරපු නිළධාරින් නෙමෙයි.අපේම නිලධාරින් ඒ නිසා ඔවුන් යහමලට අරගෙන ඔවුන් දූෂීත නිලධාරින් ඉවත් කරලා මහජනතාවට විශ්වාසදායි නිළධාරින් හා පොලිස් සේවයක් බිහිකිරිම තමයි අපේ අරමුණ….

Author

Related Posts