අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර තිබෙන විමර්ශනයට අදාලව මෙම වරෙන්තු නිකුත් කිරිම සිදු කර තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කලා.
මෙහිදි එම තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවිමට නියමිතයි.
මෙම කිසිදු අවස්ථාවකදී රාජිත සේනාරත්න මහතා අධිකරණයේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් පුත් චතුර සේනාරත්න මහතා පෙනිසිටියා.
