62,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා-අනුර කියයි

62,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (12) පැවති ජාතික තරුණ සමුළුව අමතමින්.

මෙහිදි ජනපතිවරයා අවධාරණය කළේ ආණ්ඩුව යනු රැකියා නිශ්පාදනය කරන මධස්ථානයක් නොවන බවත් රැකියා උත්පාදනය කරන ස්ථානයක් බවත්ය.

එහිදි ජනපති පවසා සිටියේ,

අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්.ඒනිසා අපි ආණ්ඩුව නූතනත්වයට ගේනවා.නුතනත්වයට ගේන්න දැනටමත් අපි 62,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනිම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.කවුද ඒ මීට පෙර ලක්ෂය අරන් තියනවා.හැත්තැපන්දහ අරන් තියනවා….එයාට පැවරෙන රාජකාරියෙන් වැඩකුත් නැහැ.සේවා විව්‍යස්ථාවකුත් නැහැ.උපයාගත් දැනුම අපතේ යවන රැකියාව බවට පත්වි තිබෙනවා.අපි බල්බ් පිටින් බදවා ගන්නේ නැහැ…..අපි සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙනවා මේ 62,000 ඉතා ඉක්මනින් රාජ්‍ය සේවයට බදවා ගන්න කියලා……

හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම….”

Author

Related Posts