මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබෙනවා.
මියගොස් ඇති බිළිඳියගේ වයස දින තුනක් පමණ වන බවයි පැවසෙන්නේ.
පුත්තලමේ සිටෙ ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබෙනවා.
එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන් දැක ඇත්තේ කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරුයි.
මියගිය බිළිඳිය පිළිබඳ මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ ඇය දින තුනක් පමණ වයසැති බිළිඳියක් බවත් සිරුරේ පෙකණි වැලේ කොටසක් ද ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබුණා
පොලිසිය සැක කරන්නේ මෙය රෝහලකදී සිදුවූ දරු උපතක් ද නොවන බවය.
දරුවා බහා තිබූ මල්ල තීරු බදු රහිත හෙවත් DUTY FREE වෙළෙඳසැලකින් ලබාගත් බෑගයක් බවට හඳුනාගෙන තිබෙනවා
එහි තිබූ QR කේතයක් ස්කෑන්කර බැලීමේදී එය ඩුබායි රාජ්‍යයට අයත් DUTY FREE බෑගයක් බව තහවුරු කරගත් බව පොලිසිය පවසා සිටියා.
දරුවාගේ මෘත දේහය සහ දුම්රිය මැදිරිය පරීක්ෂාව සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ඊයේ පැමිණ තිබුණා.
