අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන තත්ත්වය පිළිබඳව තම අදහස සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් අද දින (01) නිවේදනයක් නිකුත් කර ඇත.
සිරිකොතෙන් නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවයි.
මේ සඳහා වන සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනය මෙසේය,
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යොන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගනී.
ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්යඩාමට අපි ප්‍රශංසා කර සිටිමු.
නව නියෝගයේ මෙසේ සඳහන්ය.
නව නියෝගයේ මෙසේ සඳහන්ය.
” සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත. නැතහොත් එකඟ වීමට ආසන්නය”.
2(ආ) වගන්තියේ මෙසේ දැක්වේ.
“මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනා ගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට එකඟ වී ඇත, නැතහොත් අවසන් කිරීමට ආසන්නය.
ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදු වලට යටන්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම් වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි”.
මේ පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
2025 අගෝස්තු 01 වැනිදා
