අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කිසිදු ලියවිල්ලක් නෑ… හරිනි අමරසුරියට කට උත්තර නැතිවෙයි… ගුරුවරු සහ විදුහල්පතිවරු රැස්වීමෙන් නැගිට යයි…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ගුරු විදුහල්පතිවරුන් ඇතුළු විවිධ පාර්ශව වල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් අද (1) දින ඉසුරුපායේදී පැවැත්වුණා. ලංකාවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නියෝජනය කරන ගුරුවිදුහල්පති සන්ධානයේ පිරිසක්ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියා. කෙසේ වුවද රැස්වීම අතරතුර සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර සභාවෙන් නැගිට ඒමට ගුරුවිදුහල්පති සන්ධානයේ පිරිස කටයුතු කර තිබුණා.
ඉන් පිටතට පැමිණි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

ලංකාවේ විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වන බව පවසමින් ආණ්ඩුව ඊට අදාළ ප්‍රචාරක ව්‍යාපෘති සිදු කරමින් සිටින නමුත් මේ ගෙන ඒමට සූදානම් වන ප්‍රතිසංස්කරණ පරණ ප්‍රතිසංස්කරණම බව ජෝශප් ස්ටාලින් පවසයි. ඔවුන් මේ පිළිබඳව රජයට පැහැදිළි කර ඇති නමුත්, රජය අධ්‍යාපන කෂේත්‍රයේ ගුරු විදුහල් පතිවරුන් සමග සාකච්ඡා කිරීම පසෙක දමා රතිසංස්කරණ පිළිබඳව ටියුෂන් ගුරුවරු සමග සාකච්ඡා කර ඇති බව පැවසේ.
අද පැවති සාකච්ඡාවද කිසිදු ප්‍රයෝජනයක් නැති සාකච්ඡාවක් වන අතර හරිනි අමරසූරිය විසින් රට පුරා පෙන්නමින් පෙන්නමින් යන ප්‍රසන්ටේෂන් එකම අද දවසේද ඉදිරිපත් කරන ලද බව ජෝශප් ස්ටාලින් පැවසුවා. ඉන් ඔබ්බට ගිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කිසිදු ලියවිල්ලක් හරිනි අමරසූරිය සතුව නොතිබූ බව ජෝශප් පැවසුවා.

ගුරුවිදුහල්පති සන්ධානය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව නිශ්චිත ලියවිල්ලක් හෝ කෙටුම්පතක් ඇත්නම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ මෙතෙක් එය ලබා දීමට කටයුතු කර නැති බව ඔවුන් පැවසුවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විධිමත් ලියවිල්ලක් නොමැතිව කිසිදු රැස්වීම වලට පැමිණීම තේරුමක් නැති බව පවසා ගුරුවරු සහ විදුහල්පතිවරුන් රැස්වීමෙන් නැගිට ආ බව ජෝශප් පැවසුවා.

අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම ප්‍රතිසංස්කරණ නව ඒවා බව පවසමින් කියා සිටින්නේ මේවා 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඒවා බවයි. නමුත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙහිදී අසා සිටියේ 2025 සිට මේවා ක්‍රියාත්මක කිරීමට නම් 2023 සිට පාසල් විෂය මාලා වෙනස් නොකළේ ඇයිද යන්නයි. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා මෙම රැස්වීමට සහභාගී වී සිටි අතර ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙය ඉදිරියට සිදු කරන බව පවසා ඇත. නමුත් ජෝශප් ස්ටාලින් පවසන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ රටේ සිසුන්ට කර ඇති බරපතලම අසාධාරණය සිදු කර ඇති බවයි.

එනම් 2023 පාසල් විෂය මාලාව වෙනස් කිරීමට තිබියදී එසේ නොකර පැරණි විෂය මාලාවම ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු පවසයි.
අධ්‍යාපනයේ තිබෙන විභාග තරඟකාරීත්වයට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තිබෙන තරඟකාරීත්වයට, බරපතල ටියුෂන් මාෆියාවට විසඳුමක් අවශ්‍ය බව පවසමින් ඔහු කියා සිටියේ ඒවාට විසඳුම් ගෙන එම සඳහා මෙම ප්‍රතිසංස්කරණ වල පවතින විධිවිධාන මොනවාද යන්න ගැටළුවක් පවතින බවයි.

මෙහිදී ඔහු විමසා සිටියේ “2018 වසරේ සිට පැමිණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරගහන්නද අධ්‍යාපන අමාත්‍යවරිය ඉන්නේ?” යනුවෙනි. එම නිසා විධිමත් වාර්තාවක් සහිතව විධිමත් ආකාරයට ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ස්ටාලින් පැවසුවා. 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බව පැවසුවද අද වන තුරු ඒ ළමුන්ට අදාළ විෂය නිර්දේශ පිළිබඳව රජය නොදන්නා බව ඔහු පවසයි. මේ සඳහා මැදිහත් වීම කඩාකප්පල්කාරී වැඩක් ලෙස ආණ්ඩුව විසින් පැවසිය හැකි වුවත් සත්‍ය නම් ජනතාව වෙනුවෙන් සහ මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ක්‍රියාමාර්ග ගන්න බව ජෝශප් ස්ටාලින් වැඩි දුරටත් කියා සිටියා. මක් නිසාදයත් ආණ්ඩුව සිදු කරන මෙවැනි ක්‍රියාමාර්ග හරහා දරුවන් පර්යේෂනාගාර වල මීයන් බවට පත්වන බවයි.

Author

Related Posts