තාඹුගල සහ පියුමි හංසමාලිගෙන් කෝටි ගාණක බදු පොල්ලක්… දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක් ගනී…

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් 2022/2023 වර්ෂ සඳහා නොගෙවා පැහැර හැර ඇති බදු මුදල්, දඩ හා පොලී අයකර ගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අයකර ගැනීම සදහා මෙලෙස නඩු පැවරීමට අවශ්‍ය බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඊයේ (31) දැනුම් දී ඇත.

මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇති ආකාරයට 2022/2023 වර්ෂ සදහා අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් සහ ‘ලෝලියා ස්කින් කෙයා’ පුද්ගලික සමාගමේ හිමිකාරීනි පියුමි හංසමාලි නැමැත්තිය රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර තිබේ.
පියුම් හංසමාලිට හා විරාජ් තාඹුගලට එරෙහි විමර්ශන ගොනු කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දී ඇත.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 186, 189 හා 190 වගන්ති අනුව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කිරීම, නිසි පරිදි බදු ගොනු පවත්වා ගෙන නොයෑම හා බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා යටතේ තාබුගල සහ හංසමාලී යන සැකකරුවන් දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම පැමිණිලි ගොනු කර ඇති බව වාර්තා වේ.

ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මීට අදාළ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව දෙසැම්බර් 15 දින වාර්තා කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියෝග කර ඇත.

Author

Related Posts