ලොකු පැටි යළි රිමාන්ඩ්!පාතාලෙන් තර්ජනලු

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදවා එල්ලවී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියා.

ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද(01) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙන ආවා.

බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසු වූ ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා.

ඒ අනුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගත්තා.

ඔහුගේ දින 90ක රැඳවුම් කාලය එළැඹෙන 4 වනදා අවසන්වීමට නියමිතව තිබුණද විමර්ශන නිලධාරීන් අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ පාතාල කල්ලි රැසකින් ඔහුට තර්ජන එල්ලවීමත් සමගයි.

ඒ අනුව ලොකු පැටී නැමැත්තාව එළැඹෙන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading